26 වසක් ඉපැරණි ලෝක වාර්තාවක් බිඳ දැමූ අමරිකානු ක්‍රීඩකයා Noah Lyles

26 වසක් ඉපැරණි මළල ක්‍රීඩා වාර්තාවක් බිඳ දැමීමට ඊයේ (21) දිනයේ දී නෝවා ලයිල්ස් (Noah Lyles) සමත් වුණා.
ඒ අමරිකාවේ ඔරිගන්හි පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 200 කෙටිදුර ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගනිමින්.
ඔහු තරගය අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 19.31ක්.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ අමරිකානු කෙටිදුර ධාවන ශුරයෙකු වන මයිකල් ජොන්ස් විසින්.
ඔහු සිය වාර්තාව තබා තිබුණේ මීටර් 200 තරග ඉසව්ව තත්පර 19.32කින් නිම කරමින්.
මෙය ධාවන ඉසව්වක වාර්තා වන හොඳම සහ වේගවත්ම සිව්වැනි කාල වේලාවයි.
තරග ජයග්‍රහණයෙන් අනතුරුව නෝවා ප්‍රකාශ කළේ, එම තරගය තමන්ගේ දවස වූ බවයි.
“Today is my day and I finally got to do what I’ve dreamed about for years. I’ve got my whole family here, I was hoping it was going to be a fast time because I thought it was going to be slow.”
යනුවෙන් එය වැඩිදුරටත් සඳහන්.
රිදී සහ ලෝකඩ පදක්කම් අමෙරිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කෙනත් බෙඩ්නරෙක් සහ එරියොන් නයිටන් විසින් දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published.