නීතිවිරෝධී ලෙස පෙට්‍රල් සඟවාගෙන සිටි පිරිසක් අධිකරණයට

මාලඹේ සහ මාවතගම ප්‍රදේශවලදී නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මාලඹේ හෝකන්දර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී පෙට්‍රල් ලීටර් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

සැකකරුව අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර මාවතගම රෝහල පාර ප්‍රදේශයේදී වෙ‍ළෙඳසැලක සිදුකළ සෝදිසියකදී නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර් 9ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

එහිදී එම වෙ‍ළෙඳසැලේ හිමිකරු හා එහි සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසීය සඳහන් කළේය.

සැකකරුවන් අවුරුදු 21, 28 සහ 48 වයස්වල මාවතගම ප්‍රදේශයේ  පදිංචිකරුවන් බව පොලීසය පවසයි.

මෙම පිරිස අද (24) පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.