හිටපු ජනපති නැවත එයි ද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී සිටින බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් ඇතැයි තමා නොසිතන බව බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – අපේ හිටපු ජනාධිපතිතුමා දැන් සිංගප්පූරුවට ගොස් එහි සැඟවී සිටිනවා. සිංගප්පුරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එම නිසා ඔහු නැවත වතාවක් අමෙරිකාවෙන් වීසා ඉල්ලලා තියෙනවා. ඒ වීසා ලබාදීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ අනුව ඔහු නැවත අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ද?

මේ සම්බන්ධයෙන් ඔබ සඳහන් කළ කරුණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණෙත් නෑ. මම දැනුවත් නෑ. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා සැඟවිලා ඉන්නවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබාගෙන තමා ඒ රටට ගිහින් තියෙන්නේ. අනිත් ඕනෑම කෙනෙකුට තියෙන අයිතිය යටතේ. එතුමා ආපසු පැමිණෙන බව තමා මම දැනගෙන සිටියේ. ඒ පිළිබඳ අදාළ වෙනත් තත්ත්වයක් තියෙනවා නම් අපේ රටේ හිටපු ජනාධිපතිවරයා ට උපද්‍රව්‍යක් එලෙසින් සිදුනොවන්නට අවශ්‍ය කටයුතු යොදයි. එහෙම දෙයක් දේශපාලන වශයෙන් මිසක් අපි දැනුවත් වෙලා නෑ.

Leave a Reply

Your email address will not be published.