“ගෙදර යන්න කියන්න එපා. මට යන්න ගෙයක් නෑ” – ජනපති

නව බලවේගයකට සූදානම්ව රට ගොඩ නැගීමේ අභියෝගයට සියලු දෙනා ම කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ඇති සුදුසු ම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව “ෆැසිස්ට් ත්‍රස්තවාදයට” මුහුණදුන් බව ය. ගෙවල් සහ පොතපත ගිනි තැබීම හිට්ලර්ගෙන් උගත් දෙයක් බව එහිදී ඔහු පැවසීය.

සමහරු කියනවා පෙළපාලි දානවා රනිල් ගෙදර යන්න කියලා. මම කියනවා කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගෙයක් නෑ. ඔයගොල්ලෝ ලෑස්ති නම් විශාල සෙනගක් ගේන්න මාස 6කට මගේ ගෙදර හදලා දෙන්න. මගේ ගෙදර හදලා මම ගියාට පස්සේ ගෙදර පහු කරගෙන යන්න, ‘රනිල් ගෙදර යන්න’ කියලා. නැත්නම් වැඩක් නෑනේ ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන එක. නිකම් කාලේ නාස්ති කරන එකක්නේ. එදා කරන වැඩකටයුතු නැති කරන එකක් නේ. ඒ හින්දා දෙකෙන් එකක්. ගම හදන්න. නැත්නම් මගේ ගෙදර හදන්න. ඒත් රනිල් ගෙදර යන්න කියලා කියන්න එපා.”

Leave a Reply

Your email address will not be published.