මහවැලි ගඟේ ගිලී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම්

මහවැලි ගඟේ මහනුව,ර ජනසවිගම ප්‍රදේශයේ නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

ඊයේ (ජූලි 29) පස්වරුවේ දිය නෑම සඳහා පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත.

අතුරුදන්ව ඇත්තේ 13 සහ14 හැවිරිදි වයස්වල පසුවන පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙක් වෙති.

ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.