ජනපති – සජිත් හමුව අද

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් අද (අගෝ. 5) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත ය.

එහිදී සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවට ද වාර්තා විය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක නිරත වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, බාධා කිරීමකින් තොරව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ සිය සහය ලබාදිය යුතු බව ය.

Leave a Reply

Your email address will not be published.