චීන නැව ලංකාවට පැමිණීම කල්දාන්න – රජයේ ඉල්ලීම ගැන චීන තානාපති එරට උපදෙස් පතයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන්වෑන් 05 නමැති තොරතුරු එකතු කිරීමේ අධිතාක්‍ෂණික නැව ශ්‍රී ලංකාවට පැමිණීම කල්දමන ලෙස ඉල්ලා ලක් රජය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජයෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

 පෙරේදා (6 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයා විසින් මේ බව දන්වා ඇත.

 චීන නැව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශාල හිසරදයක් බවට පත්ව තිබේ. ඉන්දියාව සඳහන් කරන්නේ මෙය ඔත්තු බලන නෞකාවක් බවත් එමගින් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස තර්ජනයක් විය හැකි බවත්ය.

 ඉහත සඳහන් චීන නැවට ශ්‍රී ලංකාවේ නැංගුරම් දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මගින් අවසර දී තිබුණි. එම අවසරයට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියත් මේ සඳහා අවසර ලබාදී ඇත.

 යුවන්වෑන් 05 නමැති චීන නෞකාව අධි තාක්‍ෂණික මෙවලම් සහිත නැවකි. මෙය මේ වනවිට ඉන්දුනීසියාව අවට මුහුදේ සිට හම්බන්තොට බලා යාත්‍රා කරමින් තිබේ.

 එය අගෝස්තු 11 සිට 17 දක්වා හම්බන්තොට වරායේ නවතා තැබීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.