දිවයින පුරා තවත් LIOC ඉන්ධන පිරවුම් හල් 50ක් විවෘත කිරීමට අවසර

දිවයින පුරා ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලි බල අමාත්‍යංශයේ අවසරය ලබා දී තිබේ. එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා දැන්වීම් පළ කිරීමට කටයුතු කරන බව ත් ඒ අනුව අදාළ පාර්ශවවලට ඊට අයැදුම් කළ හැකි බව ත් ය.

එම ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගත වන අතර එය පූර්ණ විනිවිදභාවයකින් සිදු කරන බව ගුප්තා මහතා වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.