ජනතාවට පීඩා කරන පොදු දේපොළට හානි කරන උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගෙන උසාවි දාන්න

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කරයි

මහජන පීඩාවක් වන ආකාරයෙන් හා පොදු දේපොළට හානි වන අයුරින් උද්ඝෝෂණකරුවන් හැසිරෙන්නේ නම් වහා පොලිස් බලතල භාවිතා කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (8) කුරුඳුවත්ත පොලිසියට නියම කෙළේය.

දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන පවත්වන උද්ඝෝෂණයක් විහාරමහාදේවි උද්‍යානයේ දී අද (9) පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා විශාල ජනතාවක් සහභාගි වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි පවසමින් මෙම උද්ඝෝෂණය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වළකාලමින් ආඥාවක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂ්‍රේප කළ මහෙස්ත්‍රාත්වරයා මහජන පිඩාවක් වන ආකාරයෙන් හා පොදු දේපළවලට හානි වන ආකාරයේ උද්ඝෝෂණකරුවන් හැසිරෙන්නේ නම් වහා පොලිස් බලතල භාවිතා කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

මෙම ප්‍රෙදේශයේ පාසල් රෝහල් මෙන්ම රාජ්‍ය ආයතන රැසක් පිහිටා ඇති බැවින් මෙම උද්ඝෝෂණය පැවැත්වුවහොත් මහජන පිඩාවන් ඇති විය හැකි බවත් යම් මර්දනකාරි වැඩපිළිවෙළක් පොලිසිය ක්‍රියාත්මක කළහොත් මහජනතාව පිඩාවන්ට පත්වි ය හැකි බවට කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 ( 3) වගන්ති ප්‍රකාර අධිකරණයෙන් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published.