කෝටියක් වටිනා රත්තරං තොගයක් සමග යුවළක් කටුනායකදී දැලේ

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්රීය ලංකාවට  රැගෙන එමින් සිටි හ්‍රී ලාංකික විවාහක යුවළක් අද (9) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

කොළඹ , වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචි, 35 හැවිරිදි වියේ  පසුවන මොවුන් දෙදෙනා විවාහක යුවළකි .

මොවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර සිට අද (9) පස්වරු 02.30 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා ඇද සිටි  ඇඳුම් අතර මෙම ස්වර්ණාභරණ තොගය  සඟවාගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසීය .

 මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපළ රාජකාරියේ නිරත රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් .
ප්‍රේම ජයන්ත , ඉදුනිල් උදය , ක්‍රිෂ්ණ පල්ලාවල සහ සුගන්ධි යන නිලධාරීහු සිදුකළහ.

මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ .

Leave a Reply

Your email address will not be published.