සංචාරකයෝ ලක්ෂයකට ආසන්න පිරිසක් කොටු වෙති

එක් දිනකදී කොවිඩ් ආසාදිතයන් 263 දෙනකු හඳුනා ගැනීමත් සමග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන සන්යා නුවර හදිසියේම අගුළුලෑමට එරට රජය පියවර ගැනීමෙන් සංචාරකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් නගරය තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ නගරයෙන් කිසිදු පුද්ගලයකුට පිටව යෑමට නොහැකි බවට තහනමක් ද පනවා ඇති අතර, සන්යා සිට ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් හා දුම්රිය ගමන් අවලංගු කර තිබේ. ‘චයිනා හවායි‘ නමින් ප්‍රකට මුහුදු රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට අතිශය ජනප්‍රිය මේ නගරයෙන් පිටව යෑමට දින 7ක් ඇතුළත පීසීආර් පරීක්ෂණ 5ක් නෙගටිව් විය යුතු බවට ද කොන්දේසි පනවා ඇතැයි වාර්තා වේ.

නගරය අගුළුලෑමට කටයුතු කළ ද, ඖෂධසැල්, සුපිරි වෙළඳසැල් සහ අත්‍යවශ්‍ය සේවා විවෘත පවතින අතර, සංචරණ සීමා ඉවත් කරන තුරු සියලු සංචාරකයන්ට 50%ක වට්ටමක් ලබා දෙන ලෙස චීන රජය හෝටල්වලින් ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.