භූමිතෙල් ගැන තීරණ කිහිපයක්

එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් මිල සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමුවී ඇති බවය.

“පසුගිය මාසයේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැතිවුණා. ඒ නිසා පසුගිය සති 4ක කාලය සඳහා අවශ්‍ය භූමිතෙල් ප්‍රමාණය ලබාදෙන්න බැරි වුණා. නමුත් අපේ තිබුණු සංචිතවලින් යම් ප්‍රමාණයක් ධීවර වරායන් සඳහා ලබාදුන්නා.”

“මේ මාසේ 13 වනදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ. දෙවනි නෞකාවත් 29 වනදා පැමිණීමට නියමිතයි කියලා අපිට දන්වලා තිබෙනවා.”

“ඒ අනුව 15 වනදා සිට තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එදින සිට දින දෙකක් තුනක් යනකොට භූමිතෙල් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා.” 

“ඒ අනුව 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා.” 

“පසුගිය කාලයේ භූමිතෙල් ලබාදුන්නාම ඒක ධීවරයින්ට යන්නේ නැතුව අවභාවිතා වුණා. පෞද්ගලික බස් රථ ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කළා. ඒ නිසා ඒකත් වැළකෙන්න ඕනේ.”

“අනික භූමිතෙල් රුපියල් 87ක වගේ මුදලකට දෙනකොට කළමනාකරණය කිරීමේ විශාල හැකියාවකුත් නැහැ. ඒ නිසා මිල සංශෝධනයක් කිරීමට මේ වනවිට රජයේ අවධානය යොමුවෙලා තිබෙනවා.”

“ධීවර, වැවිලි සහ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගෙන භූමිතෙල් ලබාදීමේ වෙනම වැඩපිළිවෙලක් සකස් කරන්නත් යෝජනාවෙලා තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published.