ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම එළිදැක්වෙන දිනය

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසයි.

අපි ඉතින් මේ දක්වා තියෙන තත්ත්වය සාකච්ඡා කළා. ඊළඟට මේ දවස් යන විවාදය ජනාධිපතිතුමාගේ රාජසන කතාව ගැන. එතකොට අපි ගියවර ගිහිල්ලා එයා හමුවෙලා ආවනේ පක්ෂ 10. එකෙන් අපි තේරුම්ගත්ත දේවල් අපි හුවමාරු කර ගත්තා. එතකොට අපේ මේ සන්ධානය එළිදැක්වීමේ කටයුත්ත සංවිධානය කරලා තියෙනවා 21 වනදාට. අපි ගෝඨභයට කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු මේ විදිහට. එතකොට ගෝඨාභය ඒක කට්ටිපැනලා. අපිව පොකට්ගහලා රනිල් වික්‍රමසිංහ ගෙන ආවා. දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ. මෙයා ඒවා කරන්නේ නැහැනේ. ජාතික සභා හදලා අපිට ඉඩදෙනවාද අගමැති පත්කරන්න ? එයා අගමැති පත්කරලා ඉන්නේ.

එම පක්ෂ 10 නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අපේ නායකත්ව මණ්ඩලයක් සභාපති මණ්ඩලයක්. සභාපතිතුමයි නියෝජ්‍ය සභාපතිවරුයි. තාම නැහැ එක් එළිදක්වන්න තීන්දු කළේ.  21 වනදා තමයි ඒ නාමය එළිදක්වන්නත් තීරණය කළේ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා,

ඇමතිධුර බෙදා ගැනීමේ නෙමේ සර්ව පාක්ෂික රජයක් හැදෙන්නේ සියලුදෙනාට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි වැඩපිළිවෙළක් සැකසීමෙන්.

Leave a Reply

Your email address will not be published.