වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් 1,000 ක් විය යුතු බව දක්වමින් කම්කරු අමාත්‍යවරයා විසින් මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20 ක් විසින් අදාළ රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම මඟින් අදාළ සමාගම් සඳහන් කර තිබුණේ, මෙම රුපියල් දහසේ අවම වැටුප ගෙවීමට සිදුවුවහොත් වතු සමාගම් දැඩි අර්බුදයකට පත් විය හැකි බවය.

එම නිසා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

කෙසේවෙතත් එම පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත් වූ අභියාචනාධිකරණය එය නිශ්ප්‍රභ කිරීමට තීරණය කර තිබේ.

මේ අතර අදාළ නියෝගය තම පක්ෂයේ ජයග්‍රහණයක් බව ලංකා කම්කරු කෙංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ කේ මරිමුත්තු මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.