වැල්ලවායේ අතුරුදහන් වූ දැරිය බණ්ඩාරවෙල දී හමුවෙයි

වැල්ලවාය මුස්ලිම් පල්ලිය අසල පදිංචිව සිටි ඉකුත් 10 වෙනිදා අතුරුදහන්වූ අවුරුදු පහක් වයසැති සෙත්මි අන්සිකා දැරිය බණ්ඩාරවෙල සතිපොළ අසල සිටියදී වැල්ලවාය පොලීසිය මඟින් සොයාගෙන ඇත.

මෙම දැරියට යෝගට්එකක් ලබාදීමට යැයි පවසමින් කැඳවාගෙන ගිය වැල්ලවාය ප්‍රදේශයේ කුලීවැඩ කරන දියතලාව ගුරුතලාව ප්‍රදේශයේ 25 හැවිරිදි පදිංචිකරුවෙකුද පොලීසිය මඟින් ඊයේ (11) සවස අත්අඩංගුවටගෙන තිබෙයි.

මෙම පුද්ගලයා එම පවුල සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය දින කිහිපයක සිට නිවසේ නතරව සිටින සුද්දා නමින් හඳුන්වන උක්ගස් කැපීමේ නිරතව සිටින අයෙකි.

සැකකරු දැරියව වැල්ලවාය නගරයට රැගෙනගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයට යන බස්රථයකින් බණ්ඩාරවෙල සතිපොළට ගොස් එදින රාත්‍රී එහි ගතකර ඇත.

Leave a Reply

Your email address will not be published.