කෝපා සහ කෝප් සභාපති පුටු සජබය ට ?

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයන් සඳහා සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යෝජනා කර තිබේ.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

කථානායකවරයාට අදාළ යෝජනා සම්බන්ධයෙන් මේ වන විට දැනුවත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කටයුතු කළ අතර මහාචාර්ය තිස්ස විතාරණ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.