ට්‍රම්ප්ගේ නිවෙසේ රහසිගත ලිපිගොනු රැසක්

අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුවෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා නුවර සුපිරි මන්දිරය වැටලූ එෆ්බීඅයි නියෝජිතයන් ඉතා රහසිගත ලිපිගොනු රැසක් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී රහසිගත ලිපිගොනු 11ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇතැම් ලිපිගොනුවල රහස් සංකේත පවා යොදා තිබූ බව වාර්තා වේ. එම ලිපිගොනු අමෙරිකාවේ ජාතික ආරක්ෂාව අවදානමකට පත් කරන කරුණු තිබිය හැකි බවට අනුමාන කර තිබේ.

ට්‍රම්ප් නිවෙසින් අත්අඩංගුවට ගත් සියලු ලිපිගොනු ප්‍රමාණයෙන් 20ක් පමණ වන බවත්, මීට අමතරව ඡායාරූප ගොන්නක් ද, අත්අකුරින් ලියූ අතිශය වැදගත් ලිපි කිහිපයක් ද තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ලිපි ගොනු ප්‍රසිද්ධ කිරීම සඳහා එරට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අවසරය අපේක්ෂාවෙන් පසු වෙයි.

Leave a Reply

Your email address will not be published.