ඔස්ට්‍රියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්

ඔස්ට්‍රියා රජය විසින් රුපියල් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. 

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක් අඩංගු මෙම තොගය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වෙත භාර දීමට කටයුතු කර ඇත. 

මෙම ඖෂධ පරිත්‍යාගය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය ඖෂධ සඳහා ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙනි.

මෙම ඖෂධ තොගය භාර ගනිමින් ඔස්ට්‍රියානු රජය විසින් කරන ලද මිත්‍රත්වයේ සහ සුහදතාවයේ මෙම අභිනය සඳහා මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය කෘතඥතාව පළ කළේය. මෙම ඖෂධ ශ්‍රී ලංකාවට එවීමට මහ කොමසාරිස් කාර්යාලය කඩිනමින් කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published.