දෙවැනි යූරියා නැව එයි


ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බර දෙනු ලැබීය.

යූරියා මෙට්‍රික් ටොන් 21,000 කින් සමන්විත එම පොහොර තොගය ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට යැවීමේ කටයුතු ද ආරම්භ කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කොළඹ වරායේදී මෙම යූරියා පොහොර බාර දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.

ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ලබා දීමට පියවර ගත් අතර ඉන් පළමු තොගය වශයෙන් යූරියා මෙට්‍රික් ටොන් 44,000 ක් පසුගිය මාසයේ ලැබුණි

Leave a Reply

Your email address will not be published.