උසස් පෙළ ප්‍රතිඵල ළඟදීම

අ.පො.ස. උසස් පෙළ – 2021 විභාගයේ ප්‍රතිඵල ළඟදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් කරන දිනය කල් තබා ප්‍රකාශ කිරීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු නොවන බව ඒ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

අ.පො.ස. උසස් පෙළ – 2022 විභාගය මේ වසරේ පෙබරවාරි 7 දා සිට මර්තු 05 දා දක්වා පැවැත්විණි. රට පුරා පැවති ඉන්ධන හිඟය මේ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට මෙන්ම, ප්‍රායෝගික පරීක්ෂණවලටද බාධා එල්ල කර තිබිණි. ප්‍රායෝගික පරීක්ෂණ මඟ හැරුණු සිසුන්ගේ එම පරීක්ෂණ පසුගිය සතියේ පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published.