ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවලදී චීනය සැමවිටම සහාය දක්වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපතිවරයා මේ බව සදහන් කළේය.
යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය චීනය සහ ශ්‍රී ලංකාව නිසි ලෙස විසදා ගත් බව ඔහු පැවසීය.
චීනය සමඟ එක්ව ඉදිරියට ගමන් කරන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.