තෙල් සංස්ථාවේ ලාභය ව්‍යාපාරිකයින්ට ගලා යෑමට සලසලා

ලාභ ලැබිය හැකි ආයතන විකුණා රට ආර්ථික අතින් තවත් දුර්වල කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ විකිණීමට එරෙහිව වෟත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද(26) දින මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති හා වෟත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ වෘත්තීය සමිති එක්ව අවධාරණය කළේ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ දේශපාලඥයින් හා ජාවාරම්කරුවන් එක්ව සිදුකරන වංචා දූෂණ හේතුවෙන් බවත් අලෙවිකරන එක් තෙල් ලීටරයකින් සේවක පඩි නඩි සඳහා වැය වෙන්නේ ශත 92 වැනි ඉතා සුළු මුදලක් බවත් ඉතිරි සියලු මුදල් දේශපාඥයින් හා ජාවාරම්කාරයින් එක්ව ගසාකන බවත්ය.

වත්මන් තෙල් ඇමති තෙල් සංස්ථාව සේවකයින් නිසා පාඩු ලබන බව පුන පුනා ජනතාවට කියද්දී තෙල් ඇමති කාංචනගේ මැදිහත්වීම මත මීට පෙර තෙල් පිරවුම්හල් හිමියන් වෙත ලබාදුන් කොමිස් මුදල විශාල ලෙස වැඩි කර සංස්ථාවේ ලාභය ව්‍යාපාරිකයෙක් වෙත ගලාගෙන යාමට ඉඩ සලසා ඇති බවත්දී‍ෙ වෘත්තීය සමිති පෙන්වා දෙන ලදි.

ඒ අනුව 92 පෙට‍්‍රල් ලීටරයක් සඳහා පෙර ගෙවා ඇති කොමිස් මුදල රු.4.86 වන අතර නව කොමිස් මුදල රු.13.50, 95 සුපර් ලීටරයක් සඳහා පෙර ගෙවා ඇති කොමිස් මුදල රු.5.10 වන අතර නව ගෙවන මුදල රු. 16.20 සුදු ඞීසල් සඳහා පෙර ගෙවා ඇති කොමිස් මුදල රු. 3.63 අතර නව කොමිස් මුදල රු. 12.90 වේ. සුපර් ඞීසල් ලීටරයක් සඳහා පෙර කොමිස් මුදල රු. 4.35 වන අතර නව කොමිස් මුදල රු. 15.30 වේ. පිරවුම්හල් හිමියන්ට ඇමතිවරයා ලබාදෙන නව කොමිස් මුදල අනුව සංස්ථාවට දිනකට අමතර කෝටි 08 ක මුදලක් පාඩුවන බව තෙල් සංස්ථා වෘත්තීය සමිති පෙන්වා දුන් අතර තෙල් සංස්ථාවට පාඩු කරන්නේ දේශපාලඥයින් හා ජාවාරම්කාරයින් බව අභියෝග කරන ලදි.

මෙම අවස්ථාවට TUCC වෙනුවෙන් එහි සම කැඳවුම්කරුවන උදේනි දිසානායක, රවී කුමුදේශ්, චන්දන සූරියආරච්චි හා තෙල් සංස්ථා වෘත්තීය සමිති වෙනුවෙන් ආචාර්ය අශෝක රන්වල, නිශාන්ත රණවීර ඇතුළු වෘත්තීය සමිති නායකයින් එක්විය.

+4

3434

බෙදා ගැනීම් 16ක්

කැමතියි

අදහස

බෙදා ගන්න

Leave a Reply

Your email address will not be published.