වසන්තට එරෙහි රැඳවුම් නියෝගය බලරහිත කරන්නැයි FR පෙත්සමක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ රවිහාර පින්නදුවගේ මහතා මාර්ගයෙන් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්ථා වේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ

Leave a Reply

Your email address will not be published.