කෝටි 05ක රත්‍රං රේගු භාරයට

රුපියල් කෝටි 5 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ අද (27) අලුයම මෙම පුද්ගලයා ප්‍රංශයේ සිට පැමිණි යානයකින් මෙරටට පැමිණ ඇති බවයි.
එහිදී ඔහු සතුව තිබූ ගමන් මළු කිහිපයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එහි සූක්ෂ්ම ලෙස මෙම රත්‍රං තොගය සඟවා තිබියදියි රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.