සජබයේ පළමු ජාතික ලැයිස්තු පුරපුපාඩුව රංජන්ට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේ දී ම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් හිමිවෙන්න තිබ්බා. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස රන්ජන් රාමනායක මහතාට ලබාදෙන්න කියලා. නමුත් අපි ඒක මේ අවස්ථාවේ දැඩි ලෙස විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේ නිදහසෙන් අපි සෑහීමකට පත්වෙන්නේත් නැහැ.

එතුමාව කවුරුත් පාලනය කරන වහලෙක් නෙමෙයි. හරි තැනට එතුමා එයි. අපි ඇදලා ගන්න ඕනේ නැහැ” යි විපක්ෂ නායකවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published.