නැදුන්ගමුවේ රාජා ජාතික කෞතුකාගාරයට

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නව ඉදි කිරීම් කිරීම සඳහා නීතිමය අවසරයක් නැති බැවින් නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත සිරුර දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කිරීමේ හැකියාවක් නැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද ප්‍රමුඛව ගත් තීරණයකට අනුව නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත සිරුර ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන ලෙස කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් බවද ඒ මහතා කීය.

ඇතාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා මුල් අදියර යටතේ රුපියල් එකොළොස් ලක්ෂ අසූ දෙදහස් හාරසිය පනස් තුනක (1182453.00) මුදලක් දළදා මාලිගාව මගින් දුන් බවත් ඇස්තමේන්තු අගයට වඩා රුපියල් දසලක්ෂතුන්දහස් හතළිස් හතකමුදලක් වැය වන බවට කළ දැනුම් දීමට අනුව එම මුදල ලබා දීමට කටයුතු කරන බවත් දෑල බණ්ඩාර මහතා පැවසීය.

හෙයියන්තුඩුවේ රාජා ඇතා දළදා මාලිගාවේ සාධාතුක කරඬුව වැඩම කළ බවත් එම ඇතාගේ සංරක්ෂිත සිරුර කෞතුකාගාරයේ බවත් ලොව දිගම දළ තිබූ මිල්ලන්ගොඩ හස්තියාගේ සංරක්ෂිත සිරුර තිබෙන්නේ ඇතාගේ හිමිකරුගේ නිවෙසේ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.