රන්ජන් නව තනතුර භාර ගනියි

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබු බව වාර්තා වේ. 

ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කර තිබු අතර හෙ⁣තෙම ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට ඊයේ (26) රාත්‍රියේ සිය ආධාරකරුවන් සමග ගොස් එහිදී මනුෂ අදාළ තනතුර නිල වශයෙන් පිරිනමා ඇති බවත් පැවසේ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද පැමිණි ඇති බවත් එහිදි තම අසල්වැසියා නිදහස් වීම ගැන සතුට පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.