සජබ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක කාර්යාලයේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්ක සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කාර්යාලයේ වෙඩි වැදී මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඔහුගේ කෑගල්ල – කළුගල්ල මාවතේ පිහිටි කාර්යාලයේ සේවයේ නියුතු 38 හැවිරිදි කාන්තාවක් මෙලෙස වෙඩි වැදී ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.
ඇය කෑගල්ල – හබුඩුගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.
මෙම කාන්තාව වෙඩි තබා ඝාතනය කර ඇත් ද නැතහොත් වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගත්තේ ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.