රටට ඩොලර් ගේන කර්මාන්තයකට නිලධාරීන් දුන් පිළිතුර

කිසිවෙකුගේ සහායක් හෝ නිසි අවධානයක් නොමැතිව දිගු කාලයක සිට මෙරටට විදේශ විනිමය උපයාදෙන කර්මාන්තකරුවන් පිරිසක් පිළිබඳව අපට පොළොන්නරුවෙන් වාර්තාවිය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිගු කලක් තිස්සේ සිදුවන ප්‍රචලිත කර්මාන්තයක් වන්නේ පොල්කටු අඟුරු කර්මාන්තයයි.

මෙම කර්මාන්තයේ නියැලෙන්නන් පොල්කටු පුළුස්සා ලබාගන්නා අඟුරු අපනයනය කිරීම සඳහා වෙළෙඳපොළ වෙත යොමු කරයි.

ගිරිතලේ, හිගුරක්ගොඩ ආදී ප්‍රදේශ රැසක මෙම පොල්කටු අඟුරු සෑදීම බහුල වශයෙන් සිදුකරනු ලබන අතර 1,200ක පමණ පිරිසක් කර්මාන්තයේ නියැලී සිටී.

මෙම පොල්කටු අඟුරු විදෙස් රටවල් සඳහා අලෙවි කිරීම කොළඹ පිහිටි පෞද්ගලික ආයතන හරහා සිදුවෙයි.

නමුත් මේ වනවිට මෙම කර්මාන්තකරුවන්ට සිදුවී ඇත්තේ අපහසුතා රැසක් මධ්‍යයේ රජයේ කිසිඳු සහයක් නොමැතිව සිය කර්මාන්තය පවත්වාගෙන යෑමටය.

කර්මාන්තකරුවන් පවසන්නේ විදේශ විනිමය මෙරටට ලැබෙන මඟක් ලෙස මෙය හඳුනාගත්තද අද වන තෙක් කිසිදු උපකාරයක් හෝ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමුකර නොමැති බවය.

ඇතැමුන් කියා සිටියේ,

“ණයක් ගන්න ගියාමත් ආයතනය මදි කියනවා. දියුණු කරගන්න තමයි ණයක් ඕන කරන්නෙත්. කිසිම සහනයක් ලැබිලා නැහැ රජයෙන්. ලියාපදිංචි වෙලා නෑ කියනවා. ලියාපදිංචි වෙන්න ගියාම දුම එනවා..මිනිස්සුන්ට කරදරයි කියලා දෙන්න බෑ කියනවා. විසඳුමක් නැහැ.”

Leave a Reply

Your email address will not be published.