ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අලුත්ම කතාව මෙන්න

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සැප්තැම්බර් මස අවසානයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ වන විට ලබාගනිමින් සිටින බවය.  

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවෙලක් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කමිටුව අද (04) උදෑසන රැස් වී තිබේ.

එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයින්, දේශීය සහ විදේශීය විදුලිබල කෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා සිදුකර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි සතියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.