ගෝඨාභය දේශපාලනයට සුදුසු නෑ

පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට එක්නොවිය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ නව ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

“මහින්ද රාජපක්ෂ හොඳ කෙනෙක් වුණාට රටට වැඩිය පවුලට ළැඳියි. එහෙම නැත්නම් එතුමාට ගියපාර ජ්‍යෙෂ්ඨත්වය දුන්නා නම් අද වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති. ඒ වගේම මේ වෙච්ච ඇබැද්දිය කවදාවත් වෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 2කට අඩු කාලයක් තුළ මම හිතන්නේ ජනාධිපති ධුරය අතහැරලා දාලා පැනලා ගියා. දැන් එතුමා ඇවිත් තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ.

සමහර අය කියනවා අගමැතිකම දෙනවා කියලා. ඊට වැඩිය හොඳයි ඔබතුමාට පින්වන්ත නෝනාකෙනෙක් ඉන්නවා. එයත් එක්ක තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳයි කියලා. අනුන්ගේ රැවටිලිවලට අහුවෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේ. අපේ කටවල් හොඳ නෑ. අපි මොනවා කියයි ද දන්නේ නෑ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

Leave a Reply

Your email address will not be published.