බ්‍රිතාන්‍යයේ බලපෙරළිය

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය  ධුරය සඳහා පැවති තියුණු තරගයෙන් අනතුරුව ලිස් ට්‍රස් ඉන් ඉදිරියට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අද (05) ඇය එරට කොන්සවේටිව් පක්ෂයේ නායිකාව ලෙස නම් කිරීමට නියමිත අතර පසුව ඇයව එරට අගමැතිවරිය ලෙස නම්කිරීමට නියමිතය.

විදෙස් මාධ්‍ය පැවසුවේ ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය භාරගනු ලබන්නේ රට තුළ උද්ධමනය, සේවක අර්බුද සහ ආර්ථිකය අවපාතයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක බවය.

ට්‍රස් ව කොන්සවේටිව් පක්ෂයේ නායිකාව ලෙස නම් කිරීමෙන් අනතුරුව බොරිස් ජොන්සන් ගෙන් ඇය වෙත බලය පැවරීමේ කටයුතු ඇරඹෙයි.

ජොන්සන් පසුගිය ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණි.

Leave a Reply

Your email address will not be published.