ශ්‍රී ලංකාව ගැන UNHRC වාර්තාවක්

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කඩිනමින් වගවීම පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ආයතනික, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා යොමුවිය යුතු බවය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය අද මෙම වාර්තාව නිකුත් කර තිබේ. 

එහි සඳහන් වන්නේ මෙරට නව රජය මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ජාතික කථිකාවතක් කඩිනමින් ආරම්භ කළ යුතු බවය. 

ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිසංස්කරණ සමග වගවීම පිළිබඳ ක්‍රියා කළ යුතු බවද එහි දැක්වෙයි.

වත්මන් ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලංකාව මේ වනවිට දේශපාලනිකව අතිශය බැරැරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ. 

එමෙන්ම ශ්‍රී ලංකාව නව මාවතක් කරා රැගෙනයාමට එය අවස්ථාවක් කරගත හැකි බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

වත්මන් ආර්ථික අර්බුදයට මුල්වූ සාධක හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා පියවර ගැනීම වැදගත් බව එහි සඳහන් වෙයි. 

එමෙන්ම දරුණු ආරක්ෂක නීති සහ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම් මත විශ්වාසය තැබීම කඩිනමින් අවසන්කොට ආරක්ෂක අංශවල ද ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගතයුතු බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ. 

Leave a Reply

Your email address will not be published.