ෆයිසර් එන්නත ගැන පාර්ලිමේන්තුවේ දී කතාබහක්

ඔක්තෝබර් මාසය අවසන් වනවිට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගය කල්ඉකුත් වීමට නියමිත බව සභානායක, සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – මේ වනවිට ෆයිසර් එන්නත් මිලියන 8ක් ගෙන්වලා තියෙනවා. මේ එන්නත් ටික එන මාසය වෙද්දි කල්ඉකුත් වෙනවා. මේ එන්නතක් ඇණවුම් කරලා තියෙන්නේ ඩොලර් 10 – 15ත් අතර, විශාල මුදලක්. රටට එන්නත් අවශ්‍යයි. මේ වැඩිපුර එන්නත් කොහේද තියලා තියෙන්නේ. එන මාසේ කල්ඉකුත් වෙනවා නම් මිලියන 8ක් අපිට ගහලා ඉවර කරන්න බෑ. මේ එන්නත් නියම ප්‍රමිතියකට ගබඩා කරලා තියෙනවා ද? මේවා කොහෙද තියෙන්නේ ?රටට ඩොලර් නැත්නම් කථානායකතුමනි මේ වැඩිපුර එන්නත් මිලියන 8 ඇණවුම් කරන්න කවුද අවසර දුන්නේ? 

“එන්නත් ආනයනය කරලා තියෙන්නේ යම් ගණනය කිරීමක් අනුව. සමහරු තුන්වෙනි මාත්‍රාව අරන් නෑ. මම නම් හතරවෙනි එන්නතත් ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යළි යළි කියනවා අවධානම වැඩිවෙන්න කලින් මේ එන්නත ගන්න කියලා. එන්නත් වැඩිපුර ගෙන්වලා නෙමෙයි රටේ ජනතාවට අවශ්‍ය පරිදි ගෙන්වලා තියෙන්නේ. හැබැයි ජනතාව ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. මම පිළිගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා අවධානය යොමුකරන්න ඕනේ මේක බැරෑරුම්කම පෙන්වලා දීලා ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ගෙනියන්න මීට වඩා ජනතාව උනන්දු කරවන්න මේ එන්නත ගන්න. ගබඩා කිරීමේ ප්‍රශ්නයක් නෑ. කතාව ඇත්ත ඔක්තෝබර් අවසන් වෙන්න කලින් එන්නත් ටික ලබාගන්න ඕනේ.”

Leave a Reply

Your email address will not be published.