කැනඩාවේ පිහිඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරුත් මරුට

කැනඩාවේ 10 දෙනෙකු ට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මරණයට පත්වී තිබේ.

මෝටර් රථයකින් පළායමින් සිටි සැකකරුව පොලිස් කණ්ඩායමක් විසින් හඹාගොස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මරණයට පත්වුණි.  

32 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් සහ ඔහුගේ සොහොයුරා කැනඩාවේ සස්කට්චේවාන් පළාතේදී පිහිවලින් පහරදී පුද්ගලයින් 10 දෙනෙක් මරා තවත් 19 දෙනෙකුට තුවාල සිදුකර තිබුණි.

ඔහුගේ සහෝදරයාගේ කැපුම් තුවාල සහිත සිරුර ද  දින දෙකකට පෙර පොලීසියට හමුවිය.

Leave a Reply

Your email address will not be published.