චින්තක කරුණාරත්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ භාරගෙන තිබේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් විවිධ වගකීම් සහිත තනතුරු රැසක් ඒ මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති අයෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජීව විද්‍යා උපාධිධරයෙකි. 

එමෙන්ම ඒ මහතා අමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යායතනයේ සන්නිවේදන විෂය පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා තිබේ. 

දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය වශයෙන් පුළුල් පරිචයක් ලබා සිටී.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.