ගල්අඟුරු සැපයුම්කරුගේ අවසන් තීරණය දැනුම්දෙයි

ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කරුවන් සමග එම සාකච්ඡාව පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

විවිධ දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජය තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති බව එහිදී සාකච්ඡා වී තිබේ.

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය හරහා ගල්අඟුරු ලබාගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ලකර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තෙක් සැපයුම් සිදුකිරීමට නොහැකි බව දැනුම්දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව අහිමිවී ඇති සැපයුම යථා තත්ත්වයට පත් කරමින් ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු කඩිනමින් ලබාගැනීමට සහ නීත්‍යානුකූලව එම පිරිස්වලට මෙන්ම සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ. 

Leave a Reply

Your email address will not be published.