96 වැනි වියේ පසුවූ මහ රැජිනගේ අභාවයෙන් පසු එක්සත් රාජධානියේ රජු වීමෙන් අනතුරුව තුන්වන චාල්ස් රජු ජාතිය අමතා සිය මංගල කතාව සිදු කර ඇත.
ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී එය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඔහු කියා සිටියේ, සිය මව හොඳ ජීවිතයක් ගත කළ බවයි. රැජින මෙතරම් කාලයක් භක්තියෙන් සිදු කළ කාර්ය මෙන්ම ඔහුද ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ඉතිරි කාලය පුරාම කැපවී සිටින බවට රජු ප්‍රතිඥා දෙන ලදි. ඒ සදහා තමාට සියලුදෙනාගේ විශ්වාසයේ දෑත හිමිවනු ඇති බව ඔහු පැවසීය.
සිය පුත්‍රයාවන විලියම්, වේල්සයේ කුමරු ලෙසත් ඔහුගේ බිරිඳ කැතරින් වේල්ස් හි කුමරිය ලෙස ද ප්‍රකාශයට පත් කරන බව තුන්වන චාල්ස් රජු විසින් නම් කර ඇත.