බණ්ඩාරගම, නගරයේ ලොතරැයි අලෙවි නියෝජිතහලක් වෙත පැමිණි පුද්ගලයකු මුදල් සහ දිනුම් හිමි ලොතරැයිපත් මිටියක් සොරා ගෙන තිබේ.
අදාළ පුද්ගලයා විසින් රැගෙන එනලද ලොතරැයිපත් කිහිපයක් දිනුම්හිමිව ඇත්දැයි පරික්ෂා කරමින් අතරතුර ලොතරැයි කුටියේ කාන්තාව
තම දරුවාව බස් රථයට ගොඩ කර පැමිණෙන අතරතුරදී එම සොරකම සිදුකර ඇත.
එම සොරකම සිදුකරන ආකාරය ලොතරැයි අලෙවි CCTV සටහන්ව තිබේ.
එම පුද්ගලයා විසින් රුපියල් 7,500ක් පමණ වටිනා දිනුම් හිමි ලොතරැයි මිටියක් හා රුපියල් 5000ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියට වැඩිදුර විමර්ශන සිදුකරයි.