බන්ධනාගාර රැඳවියන් 417කට නිදහස

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බවය.

දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට එම නිදහස හිමිව තිබේ.

නිදහස හිමිවූ රැඳවියන් අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව සිය ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.