නාමල්ට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය සඳහා අද (14) දින නියම විය.

ඒ එම නඩුව අද කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

එහිදී එම නඩුව දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුව විභාගය කරන දිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිට ලෙසත් විනිසුරුවරයා අවවාද කළේය.

Leave a Reply

Your email address will not be published.