ඉන්ධන ‍කෝටාව එපා: ත්‍රිරෝද රථ රියදුරෝ විරෝධතාවයක

ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි.

විරෝධතාවයට එක්වූ පිරිස බොරැල්ල කැම්බල් පිටිය අසල සිට බොරැල්ල මංසන්ධිය දක්වාත් එතැන් සිට යළි කැම්බල් පිටිය දක්වාත් පා ගමනින් ගොස් එහිදී උද්ඝෝෂණයක ද නිරත වූහ.

‘ඉන්ධන කෝටාව වහා නවතනු’, ‘රෝද තුනේ අපි අනාථයි’, ‘පවුල රකින අපිට 5යි, රාජ්‍ය ඇමතිවරු 37යි’, ‘තෙල් නැති ජීවිතේ, ලීසිං මරුවා සමඟ වාසේ’ ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.

Leave a Reply

Your email address will not be published.