එලිසබෙත් රැජිනගේ දේහය ලන්ඩන් නුවරට

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙනවිත් තිබේ.

මේ වනවිට ලන්ඩන් හි බකිංහැම් මන්දිරයේ තැන්පත් කර ඇති දේහය අද (14) පස්වරුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙනයාමට නියමිතය.

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය ඊයේ දිනය පුරා එඩිම්බරෝ හි ශාන්ත ජයිල්ස් දෙව්මැදුරේ තැන්පත් කර තිබුණි.

දේහය ලන්ඩන් නුවර වෙත රැගෙන ඒමට කටයුතු යෙදුණේ ඉන් අනතුරුවය.

ඒ සඳහා රාජකීය ගුවන් සේවයට අයත් යානයක් යොදාගෙන තිබූ අතර සම්පූර්ණ කාලය පුරාම රැජිනගේ දේහය සමඟ ඇයගේ දියණිය වන ඈන් කුමරිය ද ගමන් කර තිබුණාය.

මේ වනවිට බකිංහැම් මන්දිරයේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය අද පස්වරුවේ එංගලන්ත පාර්ලිමේන්තුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙන යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.