කන්සියුලර් කාර්යාලයේ කොටසක වැඩ නවතී

පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙන්නේ නැවත දැනුම්දෙනතුරු අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට පරිඝණක පද්ධතියේ අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එය යථාතත්වයට පත්කළ පසු නැවත දැනුම් දෙන බවය.

කෙසේවෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published.