කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇති බවය.

මෙහිදී දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවය.

Leave a Reply

Your email address will not be published.