බලපත්‍ර නැති ෆාමසියක්…

බලපත්‍රයක් නොමැතිව හැටන් නගරයේ  ඖෂධ වෙලදසැලක් පවත්වාගෙන ගිය  ව්‍යාපාරිකයෙකු තලවාකැලේ පොලිස් විශේෂ කාර්යය බලකාය නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ඩන්බාර් විදියේ පිහිටි එම ඖෂධ වෙලදසැල පවත්වාගෙන යාමට නිසි බලපත්‍රයක් , ලියාපදිංචි සහතිකයක් හා  පුහුනුව ලැබු ඖෂධ වේදියෙකු නොමැතිව මෙම ඖෂධ වෙලදසැල එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කියා සිටියේ.

නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර සහ ඖෂධ පාලක ඒ.එම් .එල් රෝහිත මහතාලේද සහයෝගය ඇතිව මෙම වැටලිම් සිදු කල බවත් , එම ව්‍යාපාරිකයා විසින් රජයේ ලියාපදිංචි වෛද්‍යය වරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ඖෂධ අලෙවි කර ඇති බවත් , එම ඖෂධ ඉතා අධික මිලකට අලෙවි කර ඇති බවයි වැටලිම සිදු  කල නිලධාරින් කියා සිටියේ.

රජයේ වෛද්‍යයවරයෙකුගේ නිර්දේශයක් මත ඉස්නායු රෝග සදහා රෝගින් වෙත ලබා දිය යුතු මත් වෙන ඖෂධ කිහිපයක්ද හැටන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වු තරුණයින්ටද අලෙවි කර ඇති බවත් , එසේ අලෙවි කිරිමට තිබු ඖෂධ වර්ග රැසක් තම භාරයට ගත් බවද වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කියා සිටියේ.

අත් අඩංගුවට ගත් ව්‍යාපාරිකයා නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර සහ ඖෂධ පාලකවරයා විසින් ඇපකරයක් මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.