කැලණියේ ඝාතනයට අනුබල දුන් පිරිසක් කොටුවෙයි

මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබලදීමේ වරදට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සමග ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 121ක්, පිස්තෝලයක්, පතොරම් ගැබක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 4ක් ද, ජංගම දුරකථන 3ක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැප්තැම්බර් 14 වන දින කැලණිය, පට්ටිය හංදිට ප්‍රදේශයේ දී සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනය සඳහා ආධාර අනුබල දීමේ වරද යටතේය.

අත්අඩංගුවට පත්වූ පිරිමි පුද්ගලයින් දෙදෙනා වැල්ලම්පිටිය සහ මෝදර උයන කොළඹ 15 යන ප්‍රදේශයේ වයස අවුරුදු 37ක් හා 34ක් වන අතර, කාන්තාවන් දෙදෙනා මෝදර උයන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් හා 46ක් වේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.