රැජිනගේ අවමගුල සමග දීර්ඝ නිවාඩුවට නුවරඑලිය දේශිය සංචාරකයන්ගෙන් පිරේ..

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පැවසිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි දේශිය සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව , අඹේවෙල සත්ව ගොවිපොල , හොර්ටන්තැන්න , කන්දේ ඇළ යන සංචාරක ආකර්ෂණ දිනු ස්ථාන නැරඹිමට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

දේශිය සංචාරකයන් අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන්කරවාගෙන පැමිණි බවත්, එම සංචාරකයන් අතර පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ ඇති බවයි සංචාරක හෝටල් හිමියන් කියා සිටියේ.

ග්‍රේගරි වැවේ බෝට්ටු සේවාව පවත්වාගෙන යන තමන්ගේ අදායම් තත්ත්වයද තරමක් හොද බවත්, තම බොට්ටු සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවයි බොට්ටු සේවා පවත්වාගෙන යන අය කියා සිටියේ.

තම පෞද්ගලික වාහන වලට ලබාගෙන ඇති ජාතික ඉන්ධන නිකුත් කිරිමේ බලපත්‍රයට අදාල ඉන්ධන ලබාගෙන ග්‍රේගරි වැවෙහි බොට්ටු සේවය පවත්වාගෙන යන බවයි ග්‍රේගරි වැවෙහි බොට්ටු සංගමයේ සමාජිකයන් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.