රුසියාවට දඩුවමක් දිය යුතුයි – යුක්‍රේන ජනපති කියයි

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවමකට මුහුණ දීමට සිදු වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි. 

ඔහු මේ බව කියා සිටියේ, නි‍ව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ය. 

ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි එම සමුළුවේදී ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, රුසියාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අධිකරණයක් ස්ථාපනය කරන ලෙසයි. එම යුද අපරාධ අධිකරණය මගින් යම් රටක භූමිය අත්පත් කර ගැනීම සහ මිනිසුන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවම් දියයුතු බව අවධාරණය කළේය.

යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රුසියානු ආක්‍රමණය නීති විරෝධී බැවින් ලොවට මෙමගින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දුන් බවයි. 

Leave a Reply

Your email address will not be published.