එක්සත් රාජධානියෙන් ලංකාවට පවුම් මිලියන 03ක්

ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව‌ට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 03 ක ආධාර ලබා දෙන බව එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා සදහන් කරයි.

එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා හමු වූ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය නිල ෆෙස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

එහිදි අහමඩ් සාමිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පවුම් මිලියන 3 ක ජීවිතාරක්ෂක ආධාරක පැකේජයක් ලබා දෙන බව පවසා ඇත. මෙම ආධාර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ලබා දෙනු ඇත.

එසේම ඊට එක්සත් රාජධානියේ රජයට ස්තුතිය පුද කරමින්,ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සාමි වරයා වෙත විස්තර කල බවද අලි සබ්‍රි අමාත්‍යවරයා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.